Friday, April 2, 2010

ලංකාවේ දේශපාලනය

මේ දවස් වල දේශපාලන උණුසුමෙන් රටම ඇවිලිලා තියෙන්නෙ. පාරෙ ගියත්, බස් එකක ගියත් ජන්දෙ ගැනමයි ඇහෙන්නෙ, පෙනෙන්නෙ.තව දවස් බොහොම කිහිපයයිනෙ තියෙන්නෙ. ඒක හින්ද තමයි ඔය හැමෝටම තද වෙලා තියෙන්නෙ. මම උනත් ඉතින් කවුරුහරි එක්ක කතා කරන්න දෙයක් නැත්නම් ඔය ගැන තමා කතා කරන්නෙ.

පාර්ලිමේන්තුවෙ ඉන්න බහුතරයක් ඉතින් හොරු තමයි. ඒ හොරුන්ගෙන් බහුතරයක් ඔතෙන්ට මේ පාරත් යන එක නවත්වන්න බෑ.අපි චන්දෙ දුන්නත් නැතත් ඔතෙන්ට 225ක් යනවමනෙ. ඉතින් අපි හොඳම කට්ටියක් යවන්න නම් අපේ ජන්ද අයතිය අපි උපරිමයෙන් පාවිච්චි කරන්න ඕනෙ. ඔය ජනතා පරමාධිපත්‍ය කියන එක හරියට යෙදෙව්වොත් ඔය හොරු සේරම ගෙදර යවන්න පුලුවන්.
ලංකාවෙ ඉන්නෙ බුද්ධිමත් මිනිස්සු පිරිසක්. නමුත් ඔවුන්ට හරියට තොරතුරු සන්නිවේදනය වෙනව මදි. හොරකම් කරන්නෙ කවුද කියන එක ඔවුන් හරියටම දන්නෙ නෑ. උදාහරනයක් ගත්තොත් COPE වාර්ථාවෙ ඉන්න ලොකුම හොරා ගැන වත් ඔවුන් දන්නෙ නෑ( මොහු අධිකරණයට සම්බන්ධ ඇමති කෙනෙකි ).අඩුවට මිනිස්සුන්ට බඩු ගන්න තිබ්බ සතොස විනාශ කලේ කවුද කියලත් හුඟක් අය දන්නෙ නෑ( මොහු වෙලඳාම සම්බන්ද හිටපු ඇමති කෙනෙකි [sunkindleader] ).මුලු ආණ්ඩුවේම හා ජනපතිගේත් නම කෑ සමහර ඇමතිවරු පෝස්ටර් ගහන්නේ, ජනපතිට සවියක් වූ අහවල දිනවමු කියලාය. ඔවුන් ගැන සැබෑ තොරතුරු දේශපාලන උනන්දුවක් ඇති ඕනෑම අයෙකු දනී. නමුත් එම පිරිස සීමිතය
එදා COPE වාර්ථාව එලියට ගත්තා නම් ආණ්ඩුව පහුවදා ගෙදර යෑමට ඉඩ තිබිනි. මන්ද එම හොරු ටික ආණ්ඩුව පෙරලන්නට බලා සිටින අනෙක් අය සමග එක්ව නියත ලෙසම ඊලඟ දින විශ්වසභංගයක් ගෙනෙන්නට ඉඩ ඇති බැවිනි. එදා එසේ වූවා නම් යුද්ධය නිමා වෙන්නෙද නැත. හොරු එකතු කරගෙන හෝ එසේ කරපු එක හොඳය. දැන් යුද්ධය නිමා වී ඇත. දැන් මේ දූශනය නැති කල යුතුව ඇත. පාර්ලිමේන්තුවට සාදාරන මිනිසුන් යැවීමෙන් අපටද එයට දායක විය හැක.

8 comments:

Unknown said...
This comment has been removed by a blog administrator.
Unknown said...

අනේ ඉතින් මට නම් කියන්නේ මෙච්චරයි....

කොච්චර කිව්වත් බං මේ නම් ලංකාව...
මේකෙ ඡන්දයකදි මේ කපේට හරි දෙයක් නම් වෙන්නේ නැහැ ....

ඒක 100% ශුවර් ...

Malinga said...

අපේ ජන්ද අයතිය අපි උපරිමයෙන් පාවිච්චි කරන්න ඕනෙ.එක හරියට යෙදෙව්වොත් ඔය හොරු සේරම ගෙදර යවන්න පුලුවන්.

ඉන්දික ගුණතිලක said...

අනේ මුරියෝ උඹයි මමයි දන්න දේශපාලනය
මේකෙ ලියන්න උඹට වෙන මොකුත් ඇත්තෙම නැද්ද..............

නිසල said...

@ සුසිත අයියා: කාඩ් එක කිව්වොත් කාඩ් කුඩු වෙයිද දන්නෙ නෑ. දන්න අය දන්නවනෙ. අයියත් කියන්න යන්න එපා. මම පව්නෙ.......
@ජලිනි: උඹට වඩා නම් මම ඒ ගැන දන්නව. ඔය කාලීන සිදුවීමක් විතරයි. දේශපාලනේ කියන්නෙ ඔතනින් එහා ගිය දෙයක්.
අනික මට ඉතින් උඹට වගේ විරහ ගීත ලියන්න මොකුත් වෙලත් නෑනෙ. ඉතින් මම මට ආස දෙයක් ලියනව...

ඉන්දික ගුණතිලක said...

පෙනවා පෙනවා පුළුවන් බව
උඹට විරහ ගීත ලියන්න වෙන එකක් නම් නැ
මොතද උඹට හරියන එකක් හොයා ගන්න අමාරුයි නේ
අර java class එකේ එක වත් සෙට් කරගනින්
නැත්තම් ඉතින් sorry ඩොට් කොම් තමයි
අනික උඹ ඒකිට බලාපොරොත්තුත් දිලනේ තියෙන්නේ
දැන් ඉතින් ඒවා කඩ කරන්න එපා
එහෙම උනොත් උඹට විරහ ගීත ලියන්න වෙන එකකුත් නෑ
.............

නිසල said...

ඇයි උඹට හරියන කෙනා සෙට් කර ගන්න ලේසිද? ඒකද තාම වේලෙන්නෙ.. කෙනෙක්ට හරි යන අය හොයා ගන්න අමාරුයි තමා. උඹට හරි ගියයි කියල කියපු අය පස්සෙ හරි නෑ කියනවනෙ නේද... අර නරියත් මිදි තිත්තයි කිව්වනෙ..
අර ජාව කතාව මොකක්ද... උඹටත් මොකක් හරි කිව්වහම බොක්කෙන්ම පිලිගන්නව නේද........ හික් හික්..... කොල්ලට පැටලිලා වගේ හූ...............

Kazilla Chathura said...

අඩෝ.. මුරියා.. උඹ යන්තම් කොහොමහරි මාසෙකට එකක් ලියනව නේද.. හා හා හා...... ලොල්.. පජාතයි ඕයි.. මොනවද මේ කොමෙන්ට්ස් වල තියෙන්නේ... ලොලේ ලොල්...

LinkWithin

Related Posts with Thumbnails

කොහෙද කට්ටිය ඉන්නෙ