Tuesday, March 2, 2010

කතිර යුද්දය

පටන් ගත්තට පස්සෙ මේකෙ මොකුත් ලිව්වෙත් නෑනෙ. ඒක හින්ද මම හිතුව කාලීන මොනවහරි ලිව්වොත් හොඳයි කියල. දැන් ලඟඳි ජන්දයක් එනවනෙ. දැන් කොහෙ ගියත් පාර දෙපැත්තෙ මගෝඩිස් තුමන්ලගෙ තුමියන්ලගෙ රූප බලා ගන්න පුලුවන්. ජනතවට සේවය කිරීමේ සැබෑ අරමුණක් ඇති හා ප්‍රතිපත්තිගරුක දේශපාලකයන් සමාවෙන සේක්වා.. නමුත් මොවුන්ගෙන් බහුතරයක් එන්නේ මේ අපිට කරවන්නදැයි සලකා බැලීම වටී.

දන් ජනතව අතට බෝලය පාස් වී ඇත. දූශිත (ඇමතිවරු, හිටපු ඇමතිවරු,මන්ත්‍රීවරු ) මේ මැතිවරනයටත් ඉදිරිපත් වී ඇත.එසේම, මහජන මුදල් නිකරුනේ කාබාසිනා කරන්නන්( තමන්ගේ වාර්ශික වියදම තුන් මසකින් ඉවරකර ගන්නා හා තම පෞද්ගලික වියදම් තම අමාත්‍යන්ශයට බැර කරන අය වැනි ) රාජ්‍ය ආයතන විකුනා දැමීමට කටයුතු කල හිටපු ඇමතිවරුන්(සතොස,SL Airline වැනි )හා මැර දේශපාලකයන්ද මෙම මැතිවරනයට ඉදිරිපත් වී ඇත.

නයි රෙද්ද අස්සෙ දාගෙන කනවෝ කනවෝ කියා කෑ ගැසුවාට වැඩක් නැත. එසේම මොවුන්ට අවස්ථාව ලබදී දූශනය භිශනය හොරකම ගැන කතා කලාට වැඩක් නැත.මෙයට පක්ශ විපක්ශ භේදයක් නැත.තමන්ගේ දේශපාලන ප්‍රතිපත්ති මත පක්ශයට ජන්දය දී මනාප ලබා දීමේදී සැලකිලිමත් වෙන්න.
COPE වර්ථාවෙන් හෙලී වූ දූශන වන්චා සිදු කල මන්ත්‍රීවරු කොටසක් ආණ්ඩුවට එකතු වී සිටින අතර කොටසක් තවමත් විපක්ශයේ සිටී.ඔවුන්ව ගෙදර යැවීමේ අයිතිය ජනතාව සතුය.

අවසාන වශයෙන් මැර දේශපලකයන් ගැන කියන්නට ඇත්තේ මෙයයි. මෙය Martin Niemöller (1892–1984)නැමැති ජර්මන් කවියා කල ප්‍රකශයකින් මොනවට පැහැදිලි වේ.
First they came for the communists, and I did not speak out—because I was not a communist;
Then they came for the trade unionists, and I did not speak out—because I was not a trade unionist;
Then they came for the Jews, and I did not speak out—because I was not a Jew;
Then they came for me—and there was no one left to speak out for me.

අපටද අවසානයේ සිදුවිය හැක්කේ මෙයයි. අපිට බල නොපාන නිසාත් අපගේ විරුද්දවාදීන් මර්දනය වන නිසාත් නිහඬව සිටියහොත් හෝ සහයෝගය දුන්නහොත් අපටත් අවසානයේ ඒ ඉරනමම අත් විය හැක.

2 comments:

Unknown said...

සිරා කතාව....
ඒත් මේ සිංහල ජාතියේ පොඩි අවුලක් තියනවා...
බඩ ගින්නේ ඉන්නකොට තියන ප්‍රශ්න
බඩ පිරුණම අමතකයි...
එහෙම රටක හරි මිනිහෙක් පාලනයට එයිද?
මම හිතන්නෙ නැහැ...

(කඩු කෑල්ල ගැන කියන්න මගෙ කඩ්ඩ මුවහත් නැහැ)

Oshada said...

කතාව සම්පුර්ණ ඇත්ත....
අපේ මිනිස්සුන්ට එක දවසින් ඔක්කොම අමතකයි
අද රට වෙනුවෙන් මරුණු මිනිස්සු හෙට ද්ශද්‍රොහියො කරන දේශපලකයො ඉන්න රටක් මෙක
තමන් සමග තමන්ගෙ පැත්තෙ ඉන්නකොට සිල්වත්තු අනික් පැත්තට ගියහම අපරදකරයො ස්ත්‍රී දුශකයො කරන දේශපලකයො ඉන්න රටක් මෙක
එහෙව් දේශපලකයො ඉන්න රටක තියන චන්දයකින් නියම රටට ආදරේ කරන මිනිසෙකු තේරේද?
අනේ.... අපේ රටට මෙහෙම වෙන්නෙ ඇයි?

I don't no why.......??

LinkWithin

Related Posts with Thumbnails

කොහෙද කට්ටිය ඉන්නෙ