Saturday, February 6, 2010

ආරම්භය......

හරි... මම ඉතින් කලින්ම කිව්වනෙ ඇයි මම blog ලියන්න පටන් ගත්තෙ කියල. ඉතින් පටන් ගත්ත එක නිකන්ම තියන්නත් බැරි හින්ද අද ඉඳන් මම මේකෙ මොනව හරි ලියන්න පටන් ගන්නව.... ඉතින් ඔය ගොල්ලන්ට පුලුවන් මේ ගැන අදහස් යෝජනා චෝදනා ඕන එකක් මෙතන දාන්න...
මම කව්ද කින්ද මන්ද කියල මගෙ යාලුවො නම් ඔක්කොම දන්නවනෙ... නොදන්න අයටත් දැන ගන්න එක්ක මම පොඩි විස්තරයක් දෙන්නම්...
අපේ ගෙවල් තියෙන්නෙ බියගම අපනයන ප්‍රවර්ධන කලාපය ලඟ... මම පොඩි කාලෙ පාසල් ගියෙ මාකොල සපුගස්කන්ද සෝභිත විද්‍යාලයට... ආ කියන්න බැරි උනානෙ .... මම මොන්ටිසොරි ගියෙ සපුගස්කන්ද යොශිඩා පෙර පාසලට... මම එකෙ අවුරුදු 2 ක් හිටියා. පස්සෙ 5 වසර වෙනකන් සොභිත විද්‍යාලයට.. ඊට පස්සෙ ගම්පහ බන්ඩාරනායක විද්‍යාලයට..උසස් පෙල සමත් වෙලා.. දැන් කොලඹ විශ්ව විද්‍යලීය පරිගනක අධ්‍යයන ආයතනයේ පලමු වසර ඉගෙනුම ලබනව... (පරිගනක විද්‍යාව )
අපේ දෙමපියො දෙන්නම ගුරුවරු.. මට නංගි කෙනෙක් ඉන්නව. එයා තාම උසස් පෙල අධ්‍යාපනය ලබනවා..
ඔය ටික දැනට ඇති.. අද නම් හරිම රස්නෙ දවසක්....

LinkWithin

Related Posts with Thumbnails

කොහෙද කට්ටිය ඉන්නෙ