හුඟ කාලෙකට පස්සෙ ආවෙ... මගෙ බ්ලොග් එකේ දූවිලි එහෙම පිහදාල ඉවර වුනාට පස්සෙ මොකක් හරි දාන්න ඕන කියල හිතුන... ආහ් පහුගිය දවස් වල අපේ UCSC එකේ පිරිත තිබ්බනෙ.. ඒ ගැනත් හුඟක් අය ලියල තිබ්බා.... ඒවත් බලන්න
මාධව
සන්ජය
ඉතින් ඔය පිරිතට ඕන කරන කෙසෙල් ගේන්න මමයි, අපේ ඉන්දිකයි නාමලුයි මැනින් මාර්කට් ගියා... අපි කොලඔට තරමක් ආසන්නව ජීවත් උනත් එදා තමයි මම ඉස්සෙල්ලාම ඒකට ගියෙ... ඉතින් අපිට ඕන කරන එව්ව ගන්න අපි කෙලින්ම කෙසෙල් තියෙන පැත්තට ගියා... එතන තියෙන කෙසෙල් කඩ ඔක්කොටම අපි ගියා... ඉදිච්ච කෙහෙල්කැනක් තිබ්බෙ එහෙමත් කඩේක. අපිටත් ඕන උනේ දවස් 2 කින් ගන්න හින්ද ඒක එච්චර ප්‍රශ්නයක් උනේ නෑ.. ඒ කෙහෙල් කැන් ස්වභාවික විදියට ඉදෙන්න ගියොත් තව සති 2ක් විතර යන පාටක් තිබ්බෙ... එතන වෙලෙන්දො කිව්වා දැන් බෙහෙත් ගහන්නම් එතකොට අනිද්දට කන්න පුලුවන් කියල.. ඔය බෙහෙත් කියල ගහන්නෙ කාබයිට් (හරි විදියට කියනවනම් කැල්සියම් කාබයිඩ්) වලට වතුර දාල හදා ගන්න දියරයක්නෙ. ඕකෙන් වාශ්ප වෙන එතයින් එහෙම නැත්නම් ඇසිටලීන් වායුවෙන් සිදු කරන එන්සයිම උත්තේජනය ඕකට හේතු වෙනව කියලනෙ අපිට ඉස්සර රසායන විද්‍යාවට කියල දුන්නෙ.
සමහරු කාබයිඩ් ගහල තියෙනව කිව්වහම කන්න බයයි.... ඒ උනාට කාබයිඩ්වත් ඇසිටලීන් වත් එහෙම විෂ ජාතියක් නම් නෙමේ. අපිට chemistry කරපු සර් කියපු විදියට නම් , කාබයිඩ් ගහපු පලතුරු වලින් හානි වෙන්නෙ අපේ ඇඟට නෙමෙ.. අපේ පර්ස් එකට. ඒකට හේතුව අපි ගෙවන මුදලට ගැලපෙන රසවත් පලතුරක රස බැලීමට ඇති අවස්ථාව අහිමි වීමයි. මොකද ඔය බලෙන් ඉදවන්නෙ අමු පලතුරුනෙ...
නමුත් පලතුරු කල්තබා ගැනීමට යොදා ගන්න රසායනික ද්‍රව්‍ය නම් ශරීරයට ඉතාම අහිතකර බවත් මතක තියා ගන්න ඕනෙ.. අපි රසවත් ලෙස කන ඇපල්, දොඩම් හා කිලෝ පේර වැනි පලතුරු අධික ලෙස මෙම රසායන ද්‍රව්‍ය වලට නිරාවරනය කරනු ලබනව...... මෙව්ව කන අපිට ඉතින් දෙයියන්ගෙම පිහිටයි...
ප.ලි. අර කෙසෙල් නම් ඉදිල වැඩිත් උනා අන්තිමට....

3 comments:
වැදගත් කරුණු ටිකක් තියෙන ලිපියක්. මාත් මගෙ මතකෙ පරීක්ෂා කරලා බැලුවා, ටිකක් විතර මතකයි ඕවා. ඔය අගුණයක් නැති කථාව අද තමා දැන ගත්තෙ.
ආහ් කියන්න ඕනි, ඉදිල වැඩිද නම් මන්දා. ඔන්න ඔහෙ කාල දැම්මා.
අම්මො මචන් කෙසෙල් ගේන්න ගිය ගමන නම් මතක් කරන්න එපා මතකනේ එදා කාපුකට්ට....
මමත් එදා තමා හරියටම දැන ගත්තේ මේ පැත්තේ බොහෝ අයට කාබයිට් නැත්නම් ඉදුනු කෙසෙල් ගෙඩියක රස බලන්න බැරි විත්තිය.
නම නම් මැනින් ගිහින්ම බලන්න ඔනේ මැනිනි මාර්කට් එකේ තත්වේ................
අනේ බං කෙසෙල් වල රස ගැන අපේ එවුන්ට ප්‍රශ්නයක් වුනේ නැහැ කියල මට හොදටම ෂුවර්. මම කන්න යනකොට වහලු ටික විතරක් ඉතිරි වෙලා තිබුණ නිසා මට ඒක හොදටම තේරුණා....
මැනිං මාර්කට් එකට යන්න මට නම් කවදාවත් හිතිලා නැහැ. ඒ "මැනිං සුවඳ" නිසා. නමක් දැම්මේ ඒක එහෙටම විතරයි....
Post a Comment