
කතන්දරගෙ බ්ලොග් එක කියවනකොට මටත් හිතුන මම පොඩි කාලෙ කතා ටිකක් ලිව්වොත් හොඳයි කියල....
මම මොන්ටිසෝරි ගිය කාලෙකුත් තිබ්බනෙ.. ඒ කාලෙ නම් හරිම සුන්දරයි... 7.30 ට පටන් අරන් 10.30 ට ඉවරත් එක්කනෙ. ඊට පස්සෙ මොන්ටිසෝරියෙ බස් එකෙන් ගෙදර. ගෙදර ගිය ගමන් කිරි බෝතලයක් බීල නිදා ගන්න එක කරන්නෙ...
ලොකු වෙච්ච එකේ අමාරුව දැන් තමා තේරෙන්නෙ.... පොඩි කාලෙ හැම දෙයක්ම ලඟට හම්බවෙනවනෙ....
හොඳට කාල බීල ඉන්න තියෙන්නෙ. විභාග නෑ.... assignment ,viva ,presentation මොකුත් නෑනෙ...
මට හොඳට මතකයි මොන්ටිසෝරි ගිය පලවෙනි දවස.... ලමයි ටික පන්තිය ඇතුලට දාල දොර වැහුව... නැත්නම් අම්මල හොයා ගෙන දුවනවනෙ..දැන් ඇතුලෙ ඉන්න සෙට් එක නහුතෙට අඬනව.... අනිත් අය අඬන හින්ද මමත් ඇඬුව මිසක් ඒකෙ කිසිම තේරුමක් තිබ්බෙ නෑ.
ආ මම ඒ කාලෙ මොන්ටිසෝරියෙ බෑන්ඩ් එකෙත් හිටියනෙ.... මම හිතුවෙ ලමයි 70 ක් 80 කින් විතර මාව තෝර ගත්තෙ මගෙ විශේෂ කුසලතාවයක් හින්ද කියල. අනේ මම හුඟක් පස්සෙ දැන ගත්තෙ.. හැම ලමයටම අවුරුද්දෙ යම් කිසි කාලයක ඒ අවස්ථාව දෙනව කියල. ඒකෙ මම ගැහුවෙ පුන්චි අත් රබානක් වගේ එකක්...
කොහොම හරි...... අපිට තිබ්බා පොඩි පොතක් කරන්න මොන්ටිසෝරියෙදි... ඉන්ග්රීසි පොතක්... එක අකුරකට පිටුවක්ම තිබ්බා.... එකම අකුර සෑහෙන සැරයක් ලියන්න ඕනෙ... ඕකෙ ක්රමය වුනේ ටීචර් පොතේ පලවෙනි අකුර ලියල දෙනව.. ඉතුරු ටික අපි කරනව... ඉතින් ඕකත් කාලයක් ඔහොම ගියා.... මම දවසක් පන්තියට එද්දි එතන පොඩි කලබලයක්.... ටීචර් ලමයෙක්ව ඩෙස්ක් එකක් උඩ නග්ගෝල ඒ ලමයව වර්ණනා කරනව... මමත් බැලුව මොකක්ද වෙලා තියෙන්නෙ කියල.. ඒ ලමය අර අකුරු 26 පොත ඉවර කරලලු... මමත් ඔය වෙනකොට X විතර වෙනකන් කරල තිබ්බෙ...හුඟක් ළමයි ඕක ඉවර කරල තිබ්බෙ නැත්තෙ බැරි කමකට එහෙම නෙමේ... පොඩි ළමයෙක් උනාම කරන්න කොච්චර වැඩ තියෙනවද.... අල්ලන සෙල්ලම් කරන්න තියෙනව.. ලිස්සන
බෝට්ටු පදින්න තියෙනව.. ඔන්චිලි පදින්න තියෙනව.. සේරටම වඩා නිදා ගන්න තියෙනව.... ඉතින් පන්තියෙදි කරන ටිකට අමතරව කවුරුවත් ඕක ගෙදර ගිහින් කරන්නෙ නෑ... හැබැයි ඔය බවක් දන්නව නම්, අම්මව අඬගහගෙන හරි මම ඕක මාසෙකට විතර කලින් ඉවර කරනව....
ඉස්සර අපේ පන්තියෙ ටිචර් ට ලොකු අවුලක් තිබ්බා මම ගේන කෑම එක ගැන... මොකද මම ගේන්නෙ එක්කො ආප්පයි සීනියි නැත්නම් පිට්ටුයි සීනියි එහෙමත් නැත්නම් රොටියි සීනියි... ඉතින් ඔය සීනි වලින් භාගයකටත් වඩා හැමදාම වග කියන්නෙ පන්තියෙ බිම ඉන්න කූඕ ටිකනෙ... ඉතින් හැමදාම ටීචර්ගෙන් බැනුම්...... ඕක කාලෙකට පස්සෙ පුරුද්දක් උනා.... පහු පහුවෙනකොට ටීචර් මගෙ කෑම එක දිහා බලන්නෙත් නැතුව බැනල යනව... මමත් අහගෙන ඉන්නව.. ඔය කාලෙ ඉතින් මොනව කිව්වත් මේ කනින් අහල අනිත් කනින් පිටකරන එකක්නෙ තියෙන්නෙ.. ඉතින් විනාඩියකින් විතර පස්සෙ මොකුත්ම මතක නෑ.. ගෙදර ගිහින් කියන්නෙත් නෑ.. මගේ වෙලාවට ටික කාලෙකට පස්සෙ අපේ පන්ති බාර ටීචර් ප්රින්සිපල් වුනා..( ඒක එයාගෙත් වෙලාව වෙන්න ඇති ) ඉතින් ඊට පස්සෙ මට සීනි ප්රශ්නයක් ආවෙත් නෑ... ( හැම කතාවකටම සතුටුදායක අවසානයක් තියෙනවනෙ.
ඉතින් මේ කතාවත් එහෙම ඉවර කරන්නම්... ) පස්සෙ මමයි කූඕයි සතූටින් ජීවත් වුනා