tag:blogger.com,1999:blog-90640274937244980542024-03-14T09:37:36.551+05:30නිසල කොදෙව්ව.....නිසල කොදෙව්වට පිවිසි ඔබ සැම සාදරයෙන් පිලි ගනිමි...නිසලhttp://www.blogger.com/profile/06146911106597214692noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-9064027493724498054.post-54777633017934119962010-05-27T00:28:00.004+05:302010-05-27T00:28:51.811+05:30නෝ ටූ වර්ඩ්ස්....

මට මේ කථාව මතක් උනේ ඊයෙ පෙරේදා පිටකොටුවෙදි බස් එකක් හොය හොය හිටපු සුද්දො දෙන්නෙක් දැකල.

මේ සිද්ධිය උනේ මම AL කරල ගෙදර ඉන්න කාලෙ. ඔය කාලෙ යාලුවො කට්ටියක් එක්ක බම්බලපිටියට ආවා class එකකට. ඉතින් එදා ගෙදර යන්න කියල මම පිටකොටුවට ආව. ඇවිත් 228/224 බස් නවත්වන තැනට ඇවිල්ල බස් එකට නගින්න හදන කොට මම දැක්කා යුරෝපීය ජාතිකයෙක්(රට මොකක්ද කියන්න තරම් මම විදේශිකයන් ගැන දන්නෙ නෑ.) එතන හිටපු බස් වලට නැගල කඩල විකුණන වෙලෙන්දෙක් ගෙන් එයාට යන්න ඕන තැනට යන විදිය අහනවා. ඉතින් ඕකට අර වෙලෙන්දත් උත්තරයක් දුන්න බව පෙනුනා. මම ඉතින් ඉස්සෙල්ලා යන බව පෙනුනු 224 බස් එකට නැග්ගා. පස්සෙ අර මහත්මයත් ඒ බස් එකටම නැග්ගා(ඔහුට නිකන්ම සුද්දෙක් කියන්න හිතෙන්නෙ නැත්තෙ ඔහුගෙ තිබ්බෙ ඒ තරම්  ශාන්ත පෙනුමක් නිසා. ඔහු විදේශිකයෙක් උනත් හිටියෙ සරමකින් හා කමිසයකින් සැරසිලා. හිස සම්පූර්ණයෙන්ම මුඩු කරල. ඇදුමෙන් හැරුනහම ඔහුගෙන් දිස් වුනේ හාමුදුරු නමකගේ පෙනුමක්. ඔහු නැග්ග බස් එක නිසා මට සිතුනා මොහු කඳුබොඩ භාවනා මධ්‍යස්ථානෙට හෝ ඒ අසල ආර්න්යයකට යන පුද්ගලයකු විය හැකියි කියල.<o:p></o:p>

ඉතින් මේ මහත්මයත් බස් එකේ ඉඳ ගත්තා. අර කඩල වෙලෙන්දත් පස්සෙ බස් එකට නැග්ගා කඩල විකුණන්න. කඩල වෙලෙන්ඳ ලං වුනාම අර මහත්මය ආයෙ මොනවද ඇහුවා, මම හිතන්නෙ ඔහු යන්නෙ නිවැරදි බස් එකේ බව තහවුරු කරගන්න වෙන්න ඕනෙ. හොඳම හරිය තියෙන්නෙ කඩල වෙලෙන්ද බස් එකටම ඇහෙන්න දීපු උත්තරේ… මිනිහ කිව්ව.. “ යර්ස්, යර්ස්… ශ්‍රී ලංකන් පීපල් ඔන්ලි වන් වර්ඩ් පීපල්, නෝ ටූ වර්ඩ්” කියල….. ඕක ඇහුනහම අර මහත්මයටත් යන්තමින් හිනා ගිය බව මම දැක්කා. කඩල විකුනන්නට කියන්න ඕන වෙලා තිබ්බෙ ලංකාවෙ මිනිස්සු වචනයක් කිව්වොත් කිව්වම තමයි, ආයෙ වචන දෙකක් නෑ කියල වෙන්න ඇති.<o:p></o:p>

මේ කථාව කිව්වෙ අර මනුස්සයගෙ ඉංග්‍රීසි දැනුමට අපහාස කරන්න එහෙම නෙමේ. එයා ඒක පරිවර්ථනය කරපු අපූරුව පෙන්නන්න.. ඉංග්‍රීසි අපේ මවු භාශාව නෙමෙයිනෙ…. අනික සුදුවට හිටියට ගොඩක් සුද්දන්ටත් ඉංග්‍රීසි බෑනෙ.

නිසලhttp://www.blogger.com/profile/06146911106597214692noreply@blogger.com4tag:blogger.com,1999:blog-9064027493724498054.post-7499116244544006182010-04-26T21:15:00.005+05:302010-04-26T21:31:46.464+05:30මොන්ටිසෝරි කාලෙ

කතන්දරගෙ බ්ලොග් එක කියවනකොට මටත් හිතුන මම පොඩි කාලෙ කතා ටිකක් ලිව්වොත් හොඳයි කියල....

මම මොන්ටිසෝරි ගිය කාලෙකුත් තිබ්බනෙ.. ඒ කාලෙ නම් හරිම සුන්දරයි... 7.30 ට පටන් අරන් 10.30 ට ඉවරත් එක්කනෙ. ඊට පස්සෙ මොන්ටිසෝරියෙ බස් එකෙන් ගෙදර. ගෙදර ගිය ගමන් කිරි බෝතලයක් බීල නිදා ගන්න එක කරන්නෙ...

ලොකු වෙච්ච එකේ අමාරුව දැන් තමා තේරෙන්නෙ.... පොඩි කාලෙ හැම දෙයක්ම ලඟට හම්බවෙනවනෙ....

හොඳට කාල බීල ඉන්න තියෙන්නෙ. විභාග නෑ.... assignment ,viva ,presentation මොකුත් නෑනෙ...

මට හොඳට මතකයි මොන්ටිසෝරි ගිය පලවෙනි දවස.... ලමයි ටික පන්තිය ඇතුලට දාල දොර වැහුව... නැත්නම් අම්මල හොයා ගෙන දුවනවනෙ..දැන් ඇතුලෙ ඉන්න සෙට් එක නහුතෙට අඬනව.... අනිත් අය අඬන හින්ද මමත් ඇඬුව මිසක් ඒකෙ කිසිම තේරුමක් තිබ්බෙ නෑ.

ආ මම ඒ කාලෙ මොන්ටිසෝරියෙ බෑන්ඩ් එකෙත් හිටියනෙ.... මම හිතුවෙ ලමයි 70 ක් 80 කින් විතර මාව තෝර ගත්තෙ මගෙ විශේෂ කුසලතාවයක් හින්ද කියල. අනේ මම හුඟක් පස්සෙ දැන ගත්තෙ.. හැම ලමයටම අවුරුද්දෙ යම් කිසි කාලයක ඒ අවස්ථාව දෙනව කියල. ඒකෙ මම ගැහුවෙ පුන්චි අත් රබානක් වගේ එකක්...

කොහොම හරි...... අපිට තිබ්බා පොඩි පොතක් කරන්න මොන්ටිසෝරියෙදි... ඉන්ග්‍රීසි පොතක්... එක අකුරකට පිටුවක්ම තිබ්බා.... එකම අකුර සෑහෙන සැරයක් ලියන්න ඕනෙ... ඕකෙ ක්‍රමය වුනේ ටීචර් පොතේ පලවෙනි අකුර ලියල දෙනව.. ඉතුරු ටික අපි කරනව... ඉතින් ඕකත් කාලයක් ඔහොම ගියා.... මම දවසක් පන්තියට එද්දි එතන පොඩි කලබලයක්.... ටීචර් ලමයෙක්ව ඩෙස්ක් එකක් උඩ නග්ගෝල ඒ ලමයව වර්ණනා කරනව... මමත් බැලුව මොකක්ද වෙලා තියෙන්නෙ කියල.. ඒ ලමය අර අකුරු 26 පොත ඉවර කරලලු... මමත් ඔය වෙනකොට X විතර වෙනකන් කරල තිබ්බෙ...හුඟක් ළමයි ඕක ඉවර කරල තිබ්බෙ නැත්තෙ බැරි කමකට එහෙම නෙමේ... පොඩි ළමයෙක් උනාම කරන්න කොච්චර වැඩ තියෙනවද.... අල්ලන සෙල්ලම් කරන්න තියෙනව.. ලිස්සන

බෝට්ටු පදින්න තියෙනව.. ඔන්චිලි පදින්න තියෙනව.. සේරටම වඩා නිදා ගන්න තියෙනව.... ඉතින් පන්තියෙදි කරන ටිකට අමතරව කවුරුවත් ඕක ගෙදර ගිහින් කරන්නෙ නෑ... හැබැයි ඔය බවක් දන්නව නම්, අම්මව අඬගහගෙන හරි මම ඕක මාසෙකට විතර කලින් ඉවර කරනව....

ඉස්සර අපේ පන්තියෙ ටිචර් ට ලොකු අවුලක් තිබ්බා මම ගේන කෑම එක ගැන... මොකද මම ගේන්නෙ එක්කො ආප්පයි සීනියි නැත්නම් පිට්ටුයි සීනියි එහෙමත් නැත්නම් රොටියි සීනියි... ඉතින් ඔය සීනි වලින් භාගයකටත් වඩා හැමදාම වග කියන්නෙ පන්තියෙ බිම ඉන්න කූඕ ටිකනෙ... ඉතින් හැමදාම ටීචර්ගෙන් බැනුම්...... ඕක කාලෙකට පස්සෙ පුරුද්දක් උනා.... පහු පහුවෙනකොට ටීචර් මගෙ කෑම එක දිහා බලන්නෙත් නැතුව බැනල යනව... මමත් අහගෙන ඉන්නව.. ඔය කාලෙ ඉතින් මොනව කිව්වත් මේ කනින් අහල අනිත් කනින් පිටකරන එකක්නෙ තියෙන්නෙ.. ඉතින් විනාඩියකින් විතර පස්සෙ මොකුත්ම මතක නෑ.. ගෙදර ගිහින් කියන්නෙත් නෑ.. මගේ වෙලාවට ටික කාලෙකට පස්සෙ අපේ පන්ති බාර ටීචර් ප්‍රින්සිපල් වුනා..( ඒක එයාගෙත් වෙලාව වෙන්න ඇති ) ඉතින් ඊට පස්සෙ මට සීනි ප්‍රශ්නයක් ආවෙත් නෑ... ( හැම කතාවකටම සතුටුදායක අවසානයක් තියෙනවනෙ.

ඉතින් මේ කතාවත් එහෙම ඉවර කරන්නම්... ) පස්සෙ මමයි කූඕයි සතූටින් ජීවත් වුනා

නිසලhttp://www.blogger.com/profile/06146911106597214692noreply@blogger.com4tag:blogger.com,1999:blog-9064027493724498054.post-37929861378236170122010-04-25T17:19:00.006+05:302010-04-25T18:42:53.603+05:30බෙහෙත් ගැසීම
හුඟ කාලෙකට පස්සෙ ආවෙ... මගෙ බ්ලොග් එකේ දූවිලි එහෙම පිහදාල ඉවර වුනාට පස්සෙ මොකක් හරි දාන්න ඕන කියල හිතුන... ආහ් පහුගිය දවස් වල අපේ UCSC එකේ පිරිත තිබ්බනෙ.. ඒ ගැනත් හුඟක් අය ලියල තිබ්බා.... ඒවත් බලන්න
මාධව
සන්ජය

ඉන්දික

සුසිත අයියා

ඉතින් ඔය පිරිතට ඕන කරන කෙසෙල් ගේන්න මමයි, අපේ ඉන්දිකයි නාමලුයි මැනින් මාර්කට් ගියා... අපි කොලඔට තරමක් ආසන්නව ජීවත් උනත් එදා තමයි මම ඉස්සෙල්ලාම ඒකට ගියෙ... ඉතින් අපිට ඕන කරන එව්ව ගන්න අපි කෙලින්ම කෙසෙල් තියෙන පැත්තට ගියා... එතන තියෙන කෙසෙල් කඩ ඔක්කොටම අපි ගියා... ඉදිච්ච කෙහෙල්කැනක් තිබ්බෙ එහෙමත් කඩේක. අපිටත් ඕන උනේ දවස් 2 කින් ගන්න හින්ද ඒක එච්චර ප්‍රශ්නයක් උනේ නෑ.. ඒ කෙහෙල් කැන් ස්වභාවික විදියට ඉදෙන්න ගියොත් තව සති 2ක් විතර යන පාටක් තිබ්බෙ... එතන වෙලෙන්දො කිව්වා දැන් බෙහෙත් ගහන්නම් එතකොට අනිද්දට කන්න පුලුවන් කියල.. ඔය බෙහෙත් කියල ගහන්නෙ කාබයිට් (හරි විදියට කියනවනම් කැල්සියම් කාබයිඩ්) වලට වතුර දාල හදා ගන්න දියරයක්නෙ. ඕකෙන් වාශ්ප වෙන එතයින් එහෙම නැත්නම් ඇසිටලීන් වායුවෙන් සිදු කරන එන්සයිම උත්තේජනය ඕකට හේතු වෙනව කියලනෙ අපිට ඉස්සර රසායන විද්‍යාවට කියල දුන්නෙ.

සමහරු කාබයිඩ් ගහල තියෙනව කිව්වහම කන්න බයයි.... ඒ උනාට කාබයිඩ්වත් ඇසිටලීන් වත් එහෙම විෂ ජාතියක් නම් නෙමේ. අපිට chemistry කරපු සර් කියපු විදියට නම් , කාබයිඩ් ගහපු පලතුරු වලින් හානි වෙන්නෙ අපේ ඇඟට නෙමෙ.. අපේ පර්ස් එකට. ඒකට හේතුව අපි ගෙවන මුදලට ගැලපෙන රසවත් පලතුරක රස බැලීමට ඇති අවස්ථාව අහිමි වීමයි. මොකද ඔය බලෙන් ඉදවන්නෙ අමු පලතුරුනෙ...

නමුත් පලතුරු කල්තබා ගැනීමට යොදා ගන්න රසායනික ද්‍රව්‍ය නම් ශරීරයට ඉතාම අහිතකර බවත් මතක තියා ගන්න ඕනෙ.. අපි රසවත් ලෙස කන ඇපල්, දොඩම් හා කිලෝ පේර වැනි පලතුරු අධික ලෙස මෙම රසායන ද්‍රව්‍ය වලට නිරාවරනය කරනු ලබනව...... මෙව්ව කන අපිට ඉතින් දෙයියන්ගෙම පිහිටයි...

ප.ලි. අර කෙසෙල් නම් ඉදිල වැඩිත් උනා අන්තිමට....

නිසලhttp://www.blogger.com/profile/06146911106597214692noreply@blogger.com3tag:blogger.com,1999:blog-9064027493724498054.post-27393837140954930192010-04-02T23:06:00.001+05:302010-04-25T18:16:42.620+05:30ලංකාවේ දේශපාලනයමේ දවස් වල දේශපාලන උණුසුමෙන් රටම ඇවිලිලා තියෙන්නෙ. පාරෙ ගියත්, බස් එකක ගියත් ජන්දෙ ගැනමයි ඇහෙන්නෙ, පෙනෙන්නෙ.තව දවස් බොහොම කිහිපයයිනෙ තියෙන්නෙ. ඒක හින්ද තමයි ඔය හැමෝටම තද වෙලා තියෙන්නෙ. මම උනත් ඉතින් කවුරුහරි එක්ක කතා කරන්න දෙයක් නැත්නම් ඔය ගැන තමා කතා කරන්නෙ.

පාර්ලිමේන්තුවෙ ඉන්න බහුතරයක් ඉතින් හොරු තමයි. ඒ හොරුන්ගෙන් බහුතරයක් ඔතෙන්ට මේ පාරත් යන එක නවත්වන්න බෑ.අපි චන්දෙ දුන්නත් නැතත් ඔතෙන්ට 225ක් යනවමනෙ. ඉතින් අපි හොඳම කට්ටියක් යවන්න නම් අපේ ජන්ද අයතිය අපි උපරිමයෙන් පාවිච්චි කරන්න ඕනෙ. ඔය ජනතා පරමාධිපත්‍ය කියන එක හරියට යෙදෙව්වොත් ඔය හොරු සේරම ගෙදර යවන්න පුලුවන්.
ලංකාවෙ ඉන්නෙ බුද්ධිමත් මිනිස්සු පිරිසක්. නමුත් ඔවුන්ට හරියට තොරතුරු සන්නිවේදනය වෙනව මදි. හොරකම් කරන්නෙ කවුද කියන එක ඔවුන් හරියටම දන්නෙ නෑ. උදාහරනයක් ගත්තොත් COPE වාර්ථාවෙ ඉන්න ලොකුම හොරා ගැන වත් ඔවුන් දන්නෙ නෑ( මොහු අධිකරණයට සම්බන්ධ ඇමති කෙනෙකි ).අඩුවට මිනිස්සුන්ට බඩු ගන්න තිබ්බ සතොස විනාශ කලේ කවුද කියලත් හුඟක් අය දන්නෙ නෑ( මොහු වෙලඳාම සම්බන්ද හිටපු ඇමති කෙනෙකි [sunkindleader] ).මුලු ආණ්ඩුවේම හා ජනපතිගේත් නම කෑ සමහර ඇමතිවරු පෝස්ටර් ගහන්නේ, ජනපතිට සවියක් වූ අහවල දිනවමු කියලාය. ඔවුන් ගැන සැබෑ තොරතුරු දේශපාලන උනන්දුවක් ඇති ඕනෑම අයෙකු දනී. නමුත් එම පිරිස සීමිතය
එදා COPE වාර්ථාව එලියට ගත්තා නම් ආණ්ඩුව පහුවදා ගෙදර යෑමට ඉඩ තිබිනි. මන්ද එම හොරු ටික ආණ්ඩුව පෙරලන්නට බලා සිටින අනෙක් අය සමග එක්ව නියත ලෙසම ඊලඟ දින විශ්වසභංගයක් ගෙනෙන්නට ඉඩ ඇති බැවිනි. එදා එසේ වූවා නම් යුද්ධය නිමා වෙන්නෙද නැත. හොරු එකතු කරගෙන හෝ එසේ කරපු එක හොඳය. දැන් යුද්ධය නිමා වී ඇත. දැන් මේ දූශනය නැති කල යුතුව ඇත. පාර්ලිමේන්තුවට සාදාරන මිනිසුන් යැවීමෙන් අපටද එයට දායක විය හැක.නිසලhttp://www.blogger.com/profile/06146911106597214692noreply@blogger.com8tag:blogger.com,1999:blog-9064027493724498054.post-53654639646921557602010-03-02T20:16:00.000+05:302010-03-02T21:04:27.567+05:30කතිර යුද්දයපටන් ගත්තට පස්සෙ මේකෙ මොකුත් ලිව්වෙත් නෑනෙ. ඒක හින්ද මම හිතුව කාලීන මොනවහරි ලිව්වොත් හොඳයි කියල. දැන් ලඟඳි ජන්දයක් එනවනෙ. දැන් කොහෙ ගියත් පාර දෙපැත්තෙ මගෝඩිස් තුමන්ලගෙ තුමියන්ලගෙ රූප බලා ගන්න පුලුවන්. ජනතවට සේවය කිරීමේ සැබෑ අරමුණක් ඇති හා ප්‍රතිපත්තිගරුක දේශපාලකයන් සමාවෙන සේක්වා.. නමුත් මොවුන්ගෙන් බහුතරයක් එන්නේ මේ අපිට කරවන්නදැයි සලකා බැලීම වටී.

දන් ජනතව අතට බෝලය පාස් වී ඇත. දූශිත (ඇමතිවරු, හිටපු ඇමතිවරු,මන්ත්‍රීවරු ) මේ මැතිවරනයටත් ඉදිරිපත් වී ඇත.එසේම, මහජන මුදල් නිකරුනේ කාබාසිනා කරන්නන්( තමන්ගේ වාර්ශික වියදම තුන් මසකින් ඉවරකර ගන්නා හා තම පෞද්ගලික වියදම් තම අමාත්යන්ශයට බැර කරන අය වැනි ) රාජ්‍ය ආයතන විකුනා දැමීමට කටයුතු කල හිටපු ඇමතිවරුන්(සතොස,SL Airline වැනි )හා මැර දේශපාලකයන්ද මෙම මැතිවරනයට ඉදිරිපත් වී ඇත.

නයි රෙද්ද අස්සෙ දාගෙන කනවෝ කනවෝ කියා කෑ ගැසුවාට වැඩක් නැත. එසේම මොවුන්ට අවස්ථාව ලබදී දූශනය භිශනය හොරකම ගැන කතා කලාට වැඩක් නැත.මෙයට පක්ශ විපක්ශ භේදයක් නැත.තමන්ගේ දේශපාලන ප්‍රතිපත්ති මත පක්ශයට ජන්දය දී මනාප ලබා දීමේදී සැලකිලිමත් වෙන්න.
COPE වර්ථාවෙන් හෙලී වූ දූශන වන්චා සිදු කල මන්ත්‍රීවරු කොටසක් ආණ්ඩුවට එකතු වී සිටින අතර කොටසක් තවමත් විපක්ශයේ සිටී.ඔවුන්ව ගෙදර යැවීමේ අයිතිය ජනතාව සතුය.

අවසාන වශයෙන් මැර දේශපලකයන් ගැන කියන්නට ඇත්තේ මෙයයි. මෙය Martin Niemöller (1892–1984)නැමැති ජර්මන් කවියා කල ප්‍රකශයකින් මොනවට පැහැදිලි වේ.
First they came for the communists, and I did not speak out—because I was not a communist;
Then they came for the trade unionists, and I did not speak out—because I was not a trade unionist;
Then they came for the Jews, and I did not speak out—because I was not a Jew;
Then they came for me—and there was no one left to speak out for me.

අපටද අවසානයේ සිදුවිය හැක්කේ මෙයයි. අපිට බල නොපාන නිසාත් අපගේ විරුද්දවාදීන් මර්දනය වන නිසාත් නිහඬව සිටියහොත් හෝ සහයෝගය දුන්නහොත් අපටත් අවසානයේ ඒ ඉරනමම අත් විය හැක.නිසලhttp://www.blogger.com/profile/06146911106597214692noreply@blogger.com2tag:blogger.com,1999:blog-9064027493724498054.post-28669215198949023772010-02-06T14:36:00.000+05:302010-02-06T15:16:41.952+05:30ආරම්භය......හරි... මම ඉතින් කලින්ම කිව්වනෙ ඇයි මම blog ලියන්න පටන් ගත්තෙ කියල. ඉතින් පටන් ගත්ත එක නිකන්ම තියන්නත් බැරි හින්ද අද ඉඳන් මම මේකෙ මොනව හරි ලියන්න පටන් ගන්නව.... ඉතින් ඔය ගොල්ලන්ට පුලුවන් මේ ගැන අදහස් යෝජනා චෝදනා ඕන එකක් මෙතන දාන්න...
මම කව්ද කින්ද මන්ද කියල මගෙ යාලුවො නම් ඔක්කොම දන්නවනෙ... නොදන්න අයටත් දැන ගන්න එක්ක මම පොඩි විස්තරයක් දෙන්නම්...
අපේ ගෙවල් තියෙන්නෙ බියගම අපනයන ප්‍රවර්ධන කලාපය ලඟ... මම පොඩි කාලෙ පාසල් ගියෙ මාකොල සපුගස්කන්ද සෝභිත විද්‍යාලයට... ආ කියන්න බැරි උනානෙ .... මම මොන්ටිසොරි ගියෙ සපුගස්කන්ද යොශිඩා පෙර පාසලට... මම එකෙ අවුරුදු 2 ක් හිටියා. පස්සෙ 5 වසර වෙනකන් සොභිත විද්‍යාලයට.. ඊට පස්සෙ ගම්පහ බන්ඩාරනායක විද්‍යාලයට..උසස් පෙල සමත් වෙලා.. දැන් කොලඹ විශ්ව විද්‍යලීය පරිගනක අධ්‍යයන ආයතනයේ පලමු වසර ඉගෙනුම ලබනව... (පරිගනක විද්‍යාව )
අපේ දෙමපියො දෙන්නම ගුරුවරු.. මට නංගි කෙනෙක් ඉන්නව. එයා තාම උසස් පෙල අධ්‍යාපනය ලබනවා..
ඔය ටික දැනට ඇති.. අද නම් හරිම රස්නෙ දවසක්....නිසලhttp://www.blogger.com/profile/06146911106597214692noreply@blogger.com8